Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ගාල්ලේ ගුරුවරු 116කට තැපැල් ඡන්දය අහිමි වෙයි

24 March, 2014

ගාල්ලේ ගුරුවරු 116කට තැපැල් ඡන්දය අහිමි වෙයි

 

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය වැලිවිට දිවිතුර කොට්ඨාසයේ ගුරුවරුන් 116 දෙනකුට තැපැල් ඡන්දය අහිමි වීමේ සිද්ධියක් සම්බන්ධව දකුණු පළාත් ආණ්ඩුකාරවරියගේ උපදෙස් මත දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ තිබේ.

එම කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව වාර්තා වන අතර නිසි කලට වේලාවට අදාළ ගුරුවරුන්ගේ තැපැල් ඡන්ද ඉල්ලුම් පත් මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත යොමු නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇත. එනම් මෙම ඉල්ලුම් පත් යොමු කළ යුතු අවසන් දිනය වූයේ පෙබරවාරි මස 10 වැනිදාය. එහෙත්  මෙම මෙම ගුරුවරුන් 116 දෙනාගේ  ඉල්ලුම් පත් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු  කිරීම නොසැලකිලිමත් ලෙස අතපසු කිරීම මත ඔවුන්ට තැපැල්  ඡන්ද අයිතිය අහිමිවීමට හේතුවී ඇතැයි සඳහන් වේ.

මේ සිද්ධිය පසුපස යම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ඇතිද යන්න සහ  මෙම සිදුවීමට සමගාමීව දකුණු පළාතේ තැපැල් ඡන්දය අහිමි වූ වෙනත් ආයතනද තවත් ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා තමාට වාර්තාවක් ලබාදෙන ලෙස ආණ්ඩුකාරවරිය විසින් දකුණු පළාත් ප්‍රධාන ‍ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

 පෙබරවාරි 10 දා හෝ ඊට පෙර මැතිවරණ කොමසාරිස්ට ලැබෙන පරිදි තැපැල් ඡන්ද ඉල්ලුම්පත් භාර දෙන්නැයි චක්‍ර ‍ලේඛයක් නිකුත් කර තිබුණා. නමුත් වැලිවිට දිවිතුරු කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඉල්ලුම්පත් තැපැල්කර තිබෙන්නේ 10දා. ප්‍රමුඛ සේවා ලෙස තැපැල් කළ රිසිට් පතක් හෝ ඔහු ළඟ නැහැ. 116 දෙනකුගේ ඡන්ද අයිතිය නැතිවීම සුළු පටු දෙයක් නොවෙයි. දකුණු පළාත් ආණ්ඩුකාරවරිය කුමාරි බාලසූරිය මහත්මිය ‘රිවිර’ කළ විමසීමේදී පැවසුවාය.

තැපැල් ඡන්දය ඉල්ලුම් කර තිබෙන ගුරුවරු 116 දෙනා මාර්තු 29 දාට යෙදෙන මැතිවරණයේ රාජකාරි සඳහා යොමුවීමට නියමිත බැවින් එදින ඡන්දය භාවිත කිරීමටද ඔවුන්ට ගැටලුකාරී තත්ත්වයක් උද්ගත කර ඇතැයි සඳහන්ය. අදාළ ගුරුවරුන්ගෙන් බහුතරය නෙළුව ඇතුළු ඉතා ඈත දුර පළාත්වල. ඔවුන්ට ඡන්දය දමා නැවත පැයෙන් දෙකෙන් මැතිවරණ රාජකාරිවලට යොමුවීම අපහසුයි. කුමාරි බාලසූරිය මහත්මිය කීවාය.

ගාල්ල, ඇල්පිටිය, වැලිවිට, දිවිතුර අධ්‍යාපන කොට්ඨාසයේ ඇතිවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී මැතිවරණ කොමසාරිස්වරයාටද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයතිස්ස බ්ලොක් මහතාගෙන් කරුණු විමසීමේදී ‘රිවිර’ කළ උත්සාහය ව්‍යාර්ථ විය.

මේ සිද්ධිය පිළිබඳව අප මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් කරුණු විමසීමක් කළෙමු. එවිට ඒ මහතා සඳහන් කර සිටියේ  මේක යම්කිසි කාල වේලාවක ප්‍රශ්නයක් නිසා ඔවුන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිව ගොස් ඇති බවය. මේ හේතුව නිසා ඔවුන්ට එළැඹෙන මාර්තු 29 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස අදාළ නිලධාරීන්ට තමන් උපදෙස් ලබා දුන් බවත් ඒ අනුව ඔවුන්ට එදිනට ඡන්දය පාවිච්චි කළ හැකි වනු ඇති බවද මැතිවරණ කොමසාරිස්වරයා තවදුරටත් සඳහන් කළේය.
රමේෂ් වරල්‍ලේගම /රුචිර දිලාන් මධුසංඛ 

 

සමිබන්ධීකරණය මෙතැනින් - www.rivira.lk/edition/article/65172-%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A-%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94-116%E0%B6%9A%E0%B6%A7-%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A-%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA-%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92-%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.html

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks