Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම අපගේ ප්‍රධාන අභිප්‍රායයි - පැෆ්රල් විධායක අධ්‍යක්ෂ

17 August, 2018

ක්‍රමය පිළිබඳව ප්‍රශ්නයක් නොමැති බවත් සිදුකල යුතුව ඇත්තේ කුමන ක්‍රමයකට හෝ පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතුව ඇති බව මහජන එක්සත් පෙරමුණ පවසයි.

මහජන එක්සත් පෙරමුණු නායක පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසූයේ පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් වූ සිවිල් සමාජ කමිටුවේ නියෝජිතයින් පිරිසක් පසුගියදා හමුවූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වාදුන්නේ ආණ්ඩුවට මැතිවරණ පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවට පැහැදිලිව පෙනීයන බවයි. එමෙන්ම පළාත් සභා තුනක නිල කාලය ඉක්මවාගොස් මේ වන විට මාස 11 කට ආසන්න කාලයක් ගතව ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති අර්ථ නිරූපනද සැලකිල්ලට ගනිමින් මැතිවරණ ඉක්මණින් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කල යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.  

සිවිල් සමාජ කමිටුව නියෝජනය කරමින් ඊට සහභාගීවූ පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ කිසිදු පාර්ශවයකට ප්‍රජාතවන්ත්‍රවාදයේ වටිනාකම් පිළිබඳ අදහසක් නොමැති බවයි.  එමෙන්ම ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කරදීම වෙනුවෙන් අරගල කල යුතුව ඇති බවත් හෙට්ටිආරච්චි මහතා එහිදී පැවසීය.

මෙම සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් වූ සිවිල් සමාජ කමිටුවේ විසින් සකස්කල අවසන් වාර්තාවේ පිටපතක්ද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමන් හට ලබාදීම සිදුවිය.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks