11 January, 2019
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පාර්ලිමේන්තුව තුළ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය පැවති දින දෙකට අදාලව පැෆ්රල් සංවිධානය විසින් පාර්ලිමේන්තුවෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසන ලද කරුණු කිහිපයකට අදාල පිළිතුරු පාර්ලිමේන්තුව විසින් පැෆ්රල් සංවිධානය වෙත යොමුකර ඇත.
පැෆ්රල් සංවිධානය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසා සිටියේ පසුගිය නොවැම්බර් 15 හා 16 දෙදින පාර්ලිමේන්තු රැස්වීම සදහා සහභාගීවූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව, එම දිනවලට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවන ලද පැමිණීමේ දීමනාවන්ට අදාල තොරතුරුයි.
රටට පූර්වාදර්ශ සැපයිය යුතු පාර්ලිමේන්තුව තුළ ඇතිවූ එම නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ විනය විරෝධී ක්‍රියාකලාපය රටට මහත් අපකීර්තියක් අත්කරදුන් අවස්ථාවක් වශයෙන් සඳහන් කල හැකිය.
රටක පවතින උත්තරීතරම ආයතනය, රටට නීති සම්පාදනය කරන ආයතනය වැනි කුමන නමකින් හැඳින්වුවද මෙම ගැටුම්කාරී තත්ත්වයට මැදිහත්වූ බොහෝමයක් මන්ත්‍රීවරුන්ට තමන්ගේ ධූරයෙහි වටිනාකම හා තමන් කුමක් අරභයා පාර්ලිමේන්තුවට පත්ව සිටින්නේද යන්න පවා හඳුනාගැනීමට නොහැකිවී ඇති බවයි එම දින දෙක නීරීක්ෂණය කිරීමේදී පෙනීයන්නේ.
එම දින දෙක තුළ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සලකාබලා ඉදිරි මැතිවරණවලදී ඡන්දදායකයා තමන්ගේ ඡන්දය භාවිත කරන්නේ නම් මෙවැනි අපකීර්තිමත් අවස්ථාවන්ගෙන් රට මුදවාගැනීමට මෙන්ම රටට ජනතාවට වගකියන මහජන නියෝජිතයින් පත්කරගැනීමටද හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි.
පාර්ලිමේන්තුව තුළ එම දින දෙක තුළදී ප්‍රචණ්ඩකාරීව හැසිරුණු මහජන සම්පත් විනාශ කල මහජන නියෝජිතයින්ටද පැමිණීමේ දීමනා ලෙස ලෙස 1,093,500 ක මුදලක් ගෙවා ඇති බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ අනාවරණය වී ඇත.
සිතා බලන්න...