Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සීනුවට මෙච්චර බයද?

24 March, 2014

සීනුවට මෙච්චර බයද?

 

 

මැතිවරණ නීතියද උල්ලංඝණය කරමින් සන්ධායට මැතිවරණ ප්‍රචාරයක්ද ලබාගනිම්න්, 2014 අය-වැය මඟින් පිරිවෙන් සදහා වෙන්කළ සහන සහ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම නිමිත්තෙන් දිවයිනේ සියලුම පරිවේණාධිපතිවරුන් සහ පිරිවෙන් ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් හා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදී එක් අංගයක් වූයේ පිරිවෙන් සඳහා 'සීනුව' බැගින් ප්‍රදානය කිරීමයි.

මේ දිනවල ප්‍රචාරක කටයුතු පැවැත්වෙන බස්නාහිර - දකුණු පළාතේ ඡන්දයට තරග වදින ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ලකුණ වන්නේද 'සීනුව' බැවින් ජනාධිපති ඉදිරියේ සීනුවට 'සීනුව' කියා වේදිකාවේ සිට කියන්නට බිය වූ නිවේදකයා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට වේදිකාවට ආරධනා කළේ 'සිනු' බෙදන්නට නොව 'බෙල්' බෙදන්නටය.

ඒ අනුව ජනාධිපතිවරයා, අධ්‍යාපන ඇමතිවරයා ප්‍රමුඛ පිරිස භික්ෂුන් වහන්සේට බෙල් පූජා කෙළ අතර දිගින් දිගටම 'සීනුව' යන්න නොකියන්නට නිවේදකයා දැඩිව වගබලාගෙන තිබුණේය.

භික්ෂූන් වහන්සේ අලංකාර රන් පැහැයෙන් යුත් 'සීනුව' උත්සව සභාවට පෙන්වා වැඩම කළහ.

සමිබන්ධීකරණය මෙතැනින් - www.lankatruth.com/home/sinhala/index.php

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks