Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පැමිණිලි ගණනට වඩා වැදගත්වන්නේ ඒ වෙනුවෙන් කරන මැදිහත්වීමයි - රෝහණ හෙට්ටිආරච්චි මහතා

15 October, 2019

ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව පවත්වාගෙන යාම වෙනුවෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි නිරීක්ෂකයින් යොදවා ඇති බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

අද (15) කොළඹ සාමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විධායක අධ්‍යක්ෂතුමා පෙන්වාදුන්නේ දිගුකාලීන නිරීක්ෂකයින් ඇතුළු පැෆ්රල් සංවිධානය වෙත ලැබෙන සියලු පැමිණිලි වෙනුවෙන් ක්ෂණික මැදිහත් වීමට අවශ්‍ය පසුබිම සකසා ඇති බවයි.

එමෙන්ම සංඛ්‍යාත්මක වශයෙන් ලැබෙන පැමිණිලි ප්‍රමාණය වර්ධනය කරගැනීමට වඩා ලැබෙන පැමිණිලිවල නිරවද්‍යතාවය මත ඊට අදාලව විසඳුම් ලබාදීම පැෆ්රල් සංවිධානයේ ප්‍රධාන අරමුණ බවයි විධායක අධ්‍යක්ෂකතුමා පෙන්වාදුන්නේ.

තවද දශක තුනක් ඉක්මවාගොස් ඇති පැෆ්රල් මැතිවරණ ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමද මෙවර මැතිවරණයේදී සිදුකරන බවත් ඒ වෙනුවෙන් දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හෙට (16) දිනයේ සිට යෙදවීමට අදහස් කරන බවත් පෙන්වාදුන් හෙට්ටිආරච්චි මහතා සමාජ මාධ්‍ය මේ වන විට මැතිවරණ වලදී එල්ල කරන බලපෑම අතිවිශාල බවත් වෛරීසගත ප්‍රකාශ, ආගම ජාතිය මුල් කරගනිමින් ජාතීන් අතර නොසන්සුන්කාරී තත්ත්වයන් ඇතිවීමට බලපාන ප්‍රකාශ , වැරදි තොරතුරු සමාජගත වීම මෙන්ම නිවැරදි තොරතුරු පවා වැරදි ආකාරයට අර්ථ කතනය වන ආකාරයේ තොරතුරු මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇති බවටයි ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේ. 
 
මෙම මාධ්‍ය හමුවට එක්වූ පැෆ්රල් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහතා මෙවර ජනාධිපතිවරණයේ පසුබිම පෙන්වාදුන් අතර මැතිවරණ පැමිණිලි ඒකකයේ ප්‍රධානී ඉසුරු කරවිට මහතා එම ඒකකයේ කාර්යභාරය පැහැදිලි කරනු ලැබීය.
 
 
 
 

 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks