24 October, 2019
2019 වර්ෂයේ ජනාධිපතිවරණට අදාළ නිරීක්ෂණයන්ට අනුව සිය නිරීක්ෂණය වන්නේ රාජ්‍යය හා පෞද්ගලික රූපවාහිනී නාලිකා ඉතාමත් පැහැදිලිව නිශ්චිත දේශපාලන පක්ෂයක් ප‍්‍රවර්ධනය කිරීමට කාලය වෙන්කර ප‍්‍රචාරක කටයුතු කරමින් සිටින බවට පැෆ්රල් සංවිධානය පවසයි.
අද (24) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කල නිවේදනයක් මගින් පැෆ්රල් සංවිධානය පෙන්වාදෙන්නේ
මෙම විද්‍යුත් නාලිකා වල දේශපාලන කටයුතු ප‍්‍රචාරණය කිරීම සඳහා වෙන්කර ඇති කාලය නිරීක්ෂණය කිරීමේදී එය එක් එක් පක්ෂ සඳහා සමානුපාතික නොවන බව ඉතා පැහැදිලි කරුණක් බවයි.
එමෙන්ම පෞද්ගලික රූපවාහිනී නාලිකා පෞද්ගලික මුදල් යොදවා තම ව්‍යාපාරික කටයුතු කරගෙන ගියද ඔවුන් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අවසරය මත ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ට අයත් මහජන දේපලක් වන විද්‍යුත් සංඛ්‍යාතයන් භාවිතා කරමින් තම ව්‍යාපාරය කරගෙන යනු ලබන බවත් එසේ ලබාගන්නා ලද අවසරයක් මත විද්‍යුත් සංඛ්‍යාතයන් භාවිත කරන පොද්ගලික හෝ රාජ්‍යය මාධ්‍යයන් හට අවශ්‍ය ඕනෑම ආකාරයකට කටයුතු කිරීමේ අසීමාන්තික නිදහසක් නොමැති බව මේ අවස්ථාවේදී මතක් කරදීමට කැමති බවත් පැෆ්රල් නිවේදනය සඳහන්.
වර්ෂ 2019 ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කළ පසු ශ‍්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් අංක 2141 /53 / 2019 /09/12 දරන ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කාලසීමාවේ මාධ්‍යය හැසිරිය යුතු ආකාරය පිළිබඳ උපමානයන් ප‍්‍රසිද්ධ කරන ලද බවත්
නමුත් ඉතාමත් නිර්ලජ්ජිත ලෙස මෙම උපමානයන් මේ වන විට විශේෂයෙන් රූපවාහිනි නාලිකා උල්ලංඝණය කරමින් සිටින බව සිය නිරීක්ෂණය බවයි පැෆ්රල් සංවිධානය පෙන්වාදෙන්නේ.
එමගින් වැඩිදුරටත් සඳහන්කොට ඇත්තේ මෙම තත්ත්වය දැඩිව පාලනය කළ යුතු අතරම අදාළ උපමානයන්ට අනුව කටයුතු නොකරනු ලබන ආයතන සම්බන්ධයෙන් නෛතික ක‍්‍රියාමාර්ගයක් ගැනීම කරා යොමුවිය යුතු බවත් මේ පිළිබඳ ඉතාමත් දැඩිව අවධානය යොමුකළ යුතු බවටත් පැෆ්රල් සංවිධානය විශ්වාස කරන බවයි.