Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

එකම පක්ෂයේ ගැටුම් අඩු වෙලා - පැෆ්රල්.

28 March, 2014

පෙර මැතිවරණවලට සාපේක්ෂව බස්නාහිර සහ දකුණ ඡන්ද විමසීමට අදාළව පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දක්නට ලැබෙන බව පැෆ්රල් සංවිධානය පවසනවා. කොළඹ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර ඇතිවන ගැටුම් මෙවර මැතිවරණය තුළ අඩු වශයෙන් දක්නට ලැබෙන බවයි.

එමෙන්ම, ඡන්ද විමසීම සිදුකරන සෙනසුරාදා දිනයේදී මෙන්ම ඊට පසු දින උසස් අධ්‍යාපන ආයතනවල සිදුකරන අධ්‍යයන කටයුතු සිදුනොකරන ලෙසද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි එහිදී ඉල්ලීමක් කළා.

මේ අතර, බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප‍්‍රකාශ කිරීමට හිමිකම් ඇති පෞද්ගලික අංශයේ සියලූ සේවකයින්ට පැය 04 කට නොඅඩු අඛණ්ඩ කාලසීමාවක වැටුප් සහිත නිවාඩුවක් ලබාදෙන ලෙස කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සේවා යෝජකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සේවකයා ඡන්දය ප‍්‍රකාශ කිරීමට යාමට ඇති දුර ප‍්‍රමාණය සලකා මෙම කාලසීමාව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙසයි.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සියලූම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියේ ඡන්දය භාවිත කිරීම සඳහා කටයුතු කරන ලෙසයි. 

Video Link - youtu.be/bTOJ5URorAY

අමුතු තාලයේ ඡන්ද ප‍්‍රචාරක වැඩක්. - පැෆරල්.

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ලබාදී තිබූ කාලසීමාව ඊයේ මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වීමෙන් අනතුරුව අපේක්ෂකයන් විසින් සිදුකරනු ලබන අමුතුම ආකාරයේ ප‍්‍රචාරණ කටයුත්තක් පිළිබඳව පැෆ්රල් සංවිධානය අද (27) අනාවරණ කළා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ගතවූ පැය කිහිපය තුළ ආගමික අවස්ථා සහ සංස්කෘතික උත්සව ආකාරයෙන් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදුකිරීම පිළිබඳ පැමිණිලි ඉදිරිපත් වී ඇති බවයි.

 
මේ අතර ඊයේ මධ්‍යම රාත‍්‍රියෙන් පසුව ගතවූ පැය කිහිපය තුළ පොලිස් මැතිවරණ ඒකකය තුළද නීතිවිරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ පිළිබඳව කරුණු පැහැදිළි කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ එවැනි සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ පවත්වන බවයි.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks