17 March, 2021
දේශපාලනයේ කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීම සඳහා උපායමාර්ගික ප්‍රවේශයක් මැයෙන් වන වැඩමුළුවක් මාතරදී පැවැත්වින.
මෙම වැඩමුළුව සඳහා දකුණු පළාතේ පළාත් පාලන ආයතන නියෝජනය කරන සභිකවරියන්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී විය.
මෙම වැඩසටහනේ හඳුන්වාදීමේ දේශනය විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් සිදුකල අතර වැඩසටහන මෙහෙයවීම ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනී උපේක්ෂි ප්‍රනාන්දු මෙනෙවිය විසින් සිදුකරන ලදී.
උක්ත මාතෘකාව යටතේ පැවති දෙවැනි වැඩසටහන මෙය වන අතර තෙවන වැඩසටහන ඉදිරියේදී මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.