
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප‍්‍රවාහනය අද (28) ආරම්භ වනවා. සහකාර මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ ඡන්ද පෙට්ටි සහ නිලධාරින් ඡන්ද මධ්‍යස්ථාන වෙත යොමුකිරීම සඳහා තේරීම්භාර නිලධාරින් විසින් අවශ්‍ය කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බවයි.