12 January, 2022
රටේ දේශපාලනයට වටිනාකමක් ලබාදිය හැකි පිරිසක් ගොඩනැගීම සිය බලාපොරොත්තුව බව පැෆ්රල් සංවිධානය පවසයි.
විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අද මේ බව පැවසූයේ වෙනසකට මගක් වැඩමුළුවේ සමාරම්භක උත්සවය සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
දේශපාලනයට උනන්දුවක් දක්වන කාන්තාවන්ගේ පෞර්ෂ වර්ධනය, ප්‍රචාරණ ව්‍යාපාරයක් සැලසුම් කිරීම, මාධ්‍ය සමග ගණුදෙනු කිරීම වැනි ප්‍රායෝගික කරුණු සම්බන්ධයෙන්ද න්‍යායාත්මක දැනුවත් කිරීම්ද වසරක් පුරාවට දිවෙන මෙම වැඩමුලුවේදී ආවරණය කරන බවයි හෙට්ටිආරච්චි මහතා මෙහිදී සඳහන් කලේ.
එමෙන්ම මෙම කාන්තා නියෝජිතයින් සඳහා ක්ෂේත්‍ර වැඩමුලුද පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් සම්පූර්ණ පුහුණු වැඩමුලු කාලය පුරාවටම විශේෂඥ දැනුමින් යුතු සම්පත්දායකයින් සම්බන්ධවනු ඇති බවත් ඔහු එහිදී පෙන්වාදුන්නේය.
මෙය අනාගත දේශපාලන ක්ෂේත්‍රයේ සුබසිද්ධිය සඳහා වන සාධනීය පියවරක් වනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් මෙම කාන්තාවන් පාඨමාලා කාලයෙන් පසුවද ඔවුන් රටේ නීති ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනය දක්වාම රැගෙන යාම සිය අපේක්ෂාව බවත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සමගින් වෙනසකට මගක් වැඩසටහනේ උපදේශක මණ්ඩල සාමාජිකාවන් වන හිටපු අමාත්‍ය ෆේරියල් අෂ්රෆ්, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නීති උපදේශිකා ගයනි ප්‍රේමතිලක හා වෙනසකට මගක් ව්‍යාපෘති කළමණාකාරිනී ප්‍රසන්යා පාක්‍යසෙල්වම් යන මහත්මීන් එක්ව සිටියහ.
වෙනසකට මගක් වැඩසටහනේ සමාරම්භක උත්සවය එළඹෙන ජනවාරි 19 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.