17 June, 2022
දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ පනත යාවත්කාලීන කිරීම සහ ආබාධිත ප්‍රජාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වන සංවාදයක් අද (17) පැවැත්වින.
පැෆ්රල් සංවිධානය විසින් සංවිධානය කල මෙම වැඩසටහන සඳහා මැතිවරණ කොමිෂන් සභාව, දේශපාලන පක්ෂ හා මැතිවරණ නිරීක්ෂණ ආයතන, සිවිල් සංවිධාන හා සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
මෙහිදී දේශපාලන පක්ෂ ලියාපදිංචිය හා ආබාධිත ප්‍රජාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් දීර්ඝව අදහස් පලවූ අතර මැතිවරණ ක්‍රමය සංශෝධන කිරීම, සීමානිර්ණය, දේශපාලන පක්ෂ තුළ ඇති අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය, මැතිවරණ වලදී තාක්ෂණික භාවිතය ඇතුළු කරුණු ගනනාවක් සම්බන්ධයෙන් මෙහිදී අවධානයට ලක්විය.
මෙම වැඩසටහන වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ ප්‍රධානී මංජුල ගජනායක, පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි යන මහත්වරුන් සම්පත්දායකයින් වශයෙන් සම්බන්ධ විය.