26 August, 2022
මැතිවරණ ආරවුල් නිරාකරණය සඳහා නීතීය පිළිබඳව පුහුණු වැඩමුලුවක් පසුගිය 24 වන දින මැතිවරණ කොමිසමේ මෙහෙයවීමෙන් හා පැෆ්රල් සංවිධානයේ අනුග්‍රහයෙන් පැවැත්වින.
මෙම පුහුණු වැඩමුලුවේදී ඉදිරියේදී පැවැත්වෙන ඡන්ද විමසීම්වලදී මැතිවරණ නීතිය, පටිපාටික නීතිය, විධාන හා උපමාන භාවිත කිරීමේදී මෙතෙක් මතුවූ අවහිරතා මගහැර නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ නීතිය දායක කරගන්නා ආකාරය සම්බන්ධයෙන් අවධානයට ලක්විය.
එම වැඩමුලුව සඳහා පොලිස් නිලධාරීන්, මැතිවරණ කාර්ය මණ්ඩලය හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වල නිලධාරීන් සහභාගීවූ අතර පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.