26 September, 2022
වෙනසකට මගක් පාඨමාලාවට සම්බන්ධ වූ මාතලේ දිස්ත්‍රික්කයේ කාන්තා නායිකාවන් ඔවුන් ලබාගත් දැනුම උපයෝගී කරගනිමින් මාතලේ දිස්ත්‍රික් ව්‍යාපෘතිය මාතලේ කුඹල්ඔලුව ශ්‍රී මාණික්ක කතරගම දේවාල භූමි පරිශ්‍රයේදී 2022 සැප්තැම්බර් මස 25 වන දින පවත්වනු ලැබූ අතර, මත්ද්‍රව්‍ය නිවාරණය එම වැඩසටහනේ ප්‍රධාන තේමාව විය.
මාතලේ දිස්ත්‍රික් කාන්තා කමිටු සාමාජික වී.එම්.තිලගවතී මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා එම මාතලේ දිස්ත්‍රික්කයේ වෙනසකට මගක් කාන්තා කමිටු සාමාජිකයින් වන අචලා රාජකරුණා මහත්මිය හාඉරේෂා මල්වත්තගේ මහත්මීන් සම්බන්ධ විය.
මෙම අවස්ථාවට මාගල්ලාව ශ්‍රී විජය දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය දිලුම්පුර සංඝානන්ද ස්වාමින් වහන්සේ සහ ශ්‍රී මාණික්ක කතරගම දේවාලයේ පලනිවේලු ශිවබාලන් කුරුක්කල්තුමා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, දෙමව්පියන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහ දහම්පාසල් දරුවන් සියයකට වැඩි පිරිසක් සම්බන්ධ විය. මෙම වැඩසටහනේදී මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දහම් පාසැල් දරුවන් විවිධ අංග ඉදිරිපත් කළ අතර , සියලුම දරුවන් වෙනුවෙන් ත්‍යාග ප්‍රධානයක් ද සිදු කරන ලදි.
සිරස ටීවී, ශක්ති ටීවී, සහ ටීවී දෙරණ යන ආයතන විසින් මෙහි මාධ්‍ය ආවරණය සිදුකරන ලදී.