03 October, 2022
වෙනසකට මගක් තුළින් උගත් පාඩම් උපයෝගී කරගනිමින් රත්නපුර දිස්ත්‍රික් ව්‍යාපෘතිය 2022 සැප්තැම්බර් මස 28 වන දින රත්නපුර තිරිවානාකැටිය "සරණ සෙවණ" කාන්තා රැකවරණ නිවාසයේදී සිදු කරන ලදි.
එය වෙනසකට මගක් රත්නපුර දිස්ත්‍රික් කාන්තා කමිටුවේ නයනා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර, ඒ සඳහා වෙනසකට මගක් රත්නපුර දිස්ත්‍රික් කාන්තා කමිටුවේ ඉන්ද්‍රානි මැණිකේ මහත්මිය හා දිනලි ධර්මපාල මහත්මියද සම්බන්ධ විය.
කාන්තා රැකවරණ නිවාසයේ තීන්ත ආලේප කරමින් පිළිසකර කිරීමේ කටයුත්ත මෙම කාන්තා නායිකාවන්ගේ ව්‍යාපෘතිය වූ අතර ඒ සඳහා අවශ්ය ද්‍රව්‍ය මිලදී ගැනීම ඔවුන් පරිත්‍යාගශීලීන් හරහා සිදු කරන ලදි.
එසේම මෙම අවස්ථාව සඳහා රත්නපුර තිරිවානාකැටිය මූල මහා විහාරයේ ස්වාමින් වහන්සේ වැඩම කොට තිබූ අතර, ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් ප්‍රාදේශීය දේශපාලනඥයින්ද , රාජ්‍ය නිලධාරීන්ද පැමිණ සිටියහ.
එසේම මෙම නිවාසයේ ආබාධිත කාන්තාවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ද සිදුකළ අතර, ඔවුන්ට ත්‍යාග ලබාදීමක් ද සිදුවිය.