03 October, 2022
වෙනසකට මගක් තුළින් උගත් පාඩම් උපයෝගී කරගනිමින් “පුබුදමු ළමා විය” තේමාව කරගත් නුවරඑළිය දිස්ත්‍රික් ව්‍යාපෘතිය පසුගිය ඔක්තෝබර් 01 වන දින නුවරඑළිය වලපනේ පන්නල මහා විද්‍යාලයේදී සිදුකරන ලදී.
නුවරඑළිය දිස්ත්‍රික් කාන්තා කමිටුවේ මංජුලා සමරකෝන් මහත්මියගේ නායකත්වයෙන් පුහුණු වැඩසටහනක් සහ පෝෂණ වැඩසටහනක් එදින ක්‍රියාත්මක කෙරුණු අතර වෙනසකට මගක් නුවරඑළිය දිස්ත්‍රික් කාන්තා කමිටුවේ විමර්ශා ප්‍රබෝධනී මෙනවියද ඊට සම්බන්ධ විය.
පන්නල මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ පූර්ණ සහයෝගය පැවැත්වූ මෙම වැඩසටහන විමර්ශා ප්‍රබෝධනී මෙනවිය ඇතුළු කණ්ඩායමක් විසින් මෙහෙයවූ අතර ප්‍රදේශයේ පාසැල් තුනක දරුවන් මේ සඳහා සහභාගී වී තිබුණි.
මෙම වැඩසටහන සඳහා එම ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක්ද වැඩමවූ අතර, වලපනේ පොලීසියේ නිලධාරීන්, කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරීතුමන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුද ගුරුභවතුන් සහ දෙමව්පියන් ඇතුළු පිරිසක්ද ඊට සහභාගී විය.
දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ප්‍රදේශයේ ප්‍රභූ පිරිසක් විසින් එදින ආහාර ලබාදීමද සිදු කළ අතර වැඩසටහන අවසානයේ සියලුම දරුවන් සඳහා සහතිකපත් ප්‍රධානයක්ද ද සිදුවිය.