Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පැෆ්රල් නිරීක්ෂක පුහුණුව අරඹයි

20 January, 2023

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාලව පැෆ්රල් සංවිධානය විසින් පළමු දිගු කාලීන නිරීක්ෂණ පුහුණු වැඩසටහන පසුගියදා කොළඹදී පවත්වන ලදී.

මෙම පුහුණු වැඩසටහන සඳහා දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි මැතිවරණ නිරීක්ෂණයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇතුලු පිරිසක් සම්බන්ධවී සිටි අතර මැතිවරණ ක්‍රියාවලියට අදාල නෛතික ප්‍රතිපාදන, නාමයෝජනා ලබාදෙන කාලසීමාව තුළ නිරීක්ෂණ ක්‍රියාවලිය සිදුවිය යුත්තේ කෙසේද හා දිස්ත්‍රික් මට්ටමේ නව දේශපාලන ප්‍රවණතා මෙන්ම මැතිවරණ ක්‍රියාවලියට බාධාවන සිදුවීම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරන ලදී.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා, පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා, පැෆ්රල් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහතා ඇතුළු සම්පත්දායකයින් පිරිසක් මෙම වැඩසටහනට සම්බන්ධවී සිටියහ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks