Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

විධායකය අහෝසි නොකර ජනපතිවරණය පැවැත්වුවොත් පොදු වමක් ලෙස තීන්දුවක්

15 August, 2014

                   විධායකය අහෝසි නොකර ජනපතිවරණය පැවැත්වුවොත් පොදු වමක් ලෙස තීන්දුවක්

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විධායක ජනපති ක්‍රමය අහෝසි නොකර නැවත ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් පන්ති බලවේගවල පෙළගැසීම මත පදනම්ව පොදු වමක් ලෙස තීන්දුවක් ගෙන ඉදිරි කටයුතු සිදුකරන බව ලංකා සමසමාජ පක්ෂය අවධාරණය කරයි. 
රට තුළ ඇති වී තිබෙන බොහෝ ප්‍රශ්නවලට මූලික හේතුව වී ඇති විධායක ජනපති ධුරය අහෝසි කිරීමට වත්මන් ජනාධිපතිවරයාට ලැබී තිබෙන තුනෙන් දෙකේ බලය යොදාගන්නා ලෙසත්, මහින්ද චින්තනය මගින් ලබාදුන් පොරොන්දුව ඉෂ්ට කරන ලෙසත් එම පක්ෂය ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානයට ලක්කරයි. 
ලංකා සමසමාජ පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා මහතා සඳහන් කළේ තුනෙන් දෙකේ බලය යොදා විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට වත්මන් ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් පොදු අපේක්ෂකයෙකු වටා විරුද්ධ පක්ෂ පෙළගැසෙන තත්ත්වය නතර කරගත හැකි බවයි.  අනාගතයේදී විධායක ජනපති ක්‍රමය අහෝසිකරන බවට එක් එක් පුද්ගලයන් මේ දිනවල ලබාදෙන පොරොන්දු පිළිගැනීමට ලංකා සමසමාජ පක්ෂය සූදානම් නැතැයිද ඒ මහතා කියා සිටියි. 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks