Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඌවේ තැපැල් ඡන්ද අයදුම්පත් 27%ක් ප්‍රතික්ෂේපයි

19 August, 2014

ඌවේ තැපැල් ඡන්ද අයදුම්පත් 27%ක් ප්‍රතික්ෂේපයි

 මැතිවරණ මහ ලේකම් කාර්යාලය

ඌව පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් අතරින් සියයට 27ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

මෙවර තැපැල් ඡන්ද ඉල්ලුම්පත් 42,037 ඉදිරිපත් කර තිබු බවත් ඉන් අයදුම්පත් 11,380ක් ප්‍රතික්ෂේප වු බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහමඩ් මහතා සඳහන් කරයි. මෙසේ තැපැල් ඡන්ද අයදුම් පත් විශාල ප්‍රමාණයක් ප්‍රති‍ක්ෂේපවීමට හේතුවි ඇත්තේ ප්‍රමාද වී අයදුම් කිරීමත් නිසිලෙස අයදුම් පත් සම්පූර්ණ නොකිරීමත් ආදි හේතුන් බව පැවසු ඒමහතා ලබන මස 04 සහ 05 දෙදින පැවැත්වෙන තැපැල් ඡන්ද විමසීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් 19,985ක්ද මොනරාගල දිස්ත්‍රික්කයෙන් 10,672දෙනෙක්ද සුදුසුකම් ලබා ඇති බව කියයි. බදුල්ල දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද අයදුම්පත් 25,873ක්ද මොනරාගල දිස්ත්‍රික්කයෙන් අයදුම්පත් 16,164ක්ද ඉදිරිපත් තිබු බව ඒ මහතා අනාවරණය කරයි.

පළාත් දෙකට ඡන්දයෙන් තෝරා පත්කෙරෙන්නේ මන්ත්‍රිවරු තිස්දෙදෙනෙක් බවත් දිස්ත්‍රික් දෙකේ වැඩිම මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් දිනා ගන්නා පක්ෂයට ප්‍රසාද මන්ත්‍රි ධුර දෙකක් හිමිවන බව කී හෙතෙම ඒ අනුව ඌව පළාත මන්ත්‍රි ධුර 34 කින් සමන්විත බව කියයි. ඌව පළාතේ මන්ත්‍රි ආසන 34 සඳහා මෙවර අපේක්ෂකයන් 617 දෙනෙක් තරඟ කරන බවද ඉන් බදුල්ල දිස්ත්‍රිකයේ මන්ත්‍රි ධුර 18 සදහා අපේක්ෂකයන් 294 දෙනෙක්ද ,මෙනරාගල දිස්ත්‍රිකයේ මන්ත්‍රි ධුර 14 සඳහා අපේක්ෂකයන් 323 දෙනෙක්ද තරඟ කරන බව අවධාරණය කරයි.

සැප්තැම්බර් 20දා පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණය සදහා මෙවර බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඡන්ද දායකයන් 6,09,966ක් ද මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඡන්ද දායකයන් 3,32,764ක් ද ඡන්දය භාවිතා කිරීමට සුදුසු කම් ලබා ඇතැයි කී ඒ මහතා මෙවර ඌව පළාත් මැතිවරණයේදි ඡන්ද දායකයන් 9,42,730 දෙනෙක් ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇතැයි ද සදහන් කරයි. බදුල්ල දිස්ත්‍රිකයේ ඡන්ද මධ්‍යස්ථාන 516ක්ද මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 318ක්ද ඡන්දය පැවැත්නෙ බව හෙතෙම වැඩි දුරටත් පවසයි.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks