Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පළාත් පාලන ආයතන 5 ක මන්ත්‍රීලා, ටීඕලා මහජන මුදලින් රට සවාරි ගිහින්!

29 August, 2014

පළාත් පාලන ආයතන 5 ක මන්ත්‍රීලා,
ටීඕලා මහජන මුදලින් රට සවාරි ගිහින්!


ශිරාන් රණසිංහ

පළාත් පාලන ආයතන පහක නගරාධිපති, සභාපති ඇතුළු මන්ත්‍රීවරු සහ තාක්‍ෂණික නිලධාරීන් (ටී.ඕ.) අසූදෙනකුට වඩා වැඩි පිරිසක්‌ මහජන මුදල් වැය කර තායිලන්තයේ සහ මැලේසියාවේ සංචාරයකට ගොස්‌ ඇතැයි පළාත් පාලන ආයතනවලින් 'දිවයින'ට වාර්තා වේ.

මීගමුව මහනගර සභාව, කටාන ප්‍රාදේශීය සභාව, ජාඇල ප්‍රාදේශීය සභාව, පඬුවස්‌නුවර ප්‍රාදේශීය සභාව සහ හෙට්‌ටිපොල ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු මෙන්ම ඇතැම් පළාත් පාලන ආයතනවලට සම්බන්ධ තාක්‍ෂණික නිලධාරීන් ද (ටී.ඕ) මෙලෙස සංචාරය සඳහා සහභාගි වී තිබේ.

පාඩු ලබන පළාත් පාලන ආයතන ද මෙවැනි විදෙස්‌ සංචාරවල නිරත වන බව වාර්තා වේ.

වසරකට වරක්‌ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ට මෙලෙස විදෙස්‌ සංචාරයක්‌ ලබාදීමේ ව්‍යාපෘතියක්‌ ඇතැයි පළාත් පාලන ආයතන ප්‍රධානීන් කියා සිටියද, ඒ පිළිබඳ පළාත් පාලන නියෝජ්‍ය ඇමැති, ඉන්දික බණ්‌ඩාරනායක මහතාගෙන් 'දිවයින' කළ විමසීමේදී ඇමැතිවරයා කියා සිටියේ එවැනි ව්‍යාපෘතියක්‌ නොමැති බවයි. ඒ ඒ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ට විදේශීය රටවල යම් යම් කටයුතු සිදුවන ආකාරය පෙන්වාදීම සඳහා ඒ ඒ පළාත් පාලන ආයතන විසින් මුදල් වෙන් කර ගෙන මෙවැනි සංචාර සූදානම් කරගෙන ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

සාමාන්‍යයෙන් දින පහක සංචාරයක්‌ සඳහා ගමන් වියදම් හෝටල් ගාස්‌තු වෙනුවෙන් රුපියල් 130,000 කට වඩා වැඩි මුදලක්‌ එක්‌ මන්ත්‍රීවරයකු වෙනුවෙන් වෙන්කර ගෙන ඇති අතර ඊට අමතරව දෛනික වියදමක්‌ ලෙස ඩොලර් පනහක්‌ පමණ මහජන මුදලින් වෙන් කර ගැනීමට පළාත් පාලන ආයතන කටයුතු කර ඇත.

පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල කුණු ඉවත් කර ගැනීම ඇතුළු කටයුතු සඳහා යෙදවිය යුතු මුදල්, ඉතිරි කරගෙන වර්ෂාවසානයේ දී තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල්වලට මන්ත්‍රීවරුන් සංචාරය සඳහා යැම පිළිකුල් සහගත යෑයි කියමින් ජනතා විමුක්‌ති පෙරමුණ පළාත් පාලන මන්ත්‍රීවරු මෙම සංචාර ප්‍රතික්‍ෂේප කර ඇත.

 

 

Source - www.divaina.com/2014/08/29/news09.html

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks