සජිත් කියයි
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍යනායක ධුරය භාරගැනීමට නම් නායකත්ව මණ්ඩලය විසුරුවා හැරිය යුතු බවට සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයට යෝජනා කැර ඇතැයි වාර්තාවෙයි.
මේ තත්ත්වයත් සමඟ යළිත් රනිල් හා සජිත් අතර පැවැති විරසකය වර්ධනය වී තිබෙන අතර නායකත්වය මණ්ඩලය මඟින් නියෝජ්‍ය නායක ධුරය පුරප්පාඩුව තබන ලෙස ජාතික නායකයාට දැනුම් දී තිබේ.
නාවලපිටිය හා කොළොන්නාව නව ආසන සංවිධායකවරුන් පසුගියදා සිරිකොතදී පත්කැරුණු අවස්ථාවේ නියෝජ්‍ය නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය වී තිබී ඇත.
නව තනතුර බාරගැනීම ප්‍රතික්ෂේප කැර නායකත්ව මණ්ඩලය විසුරුවා හරින ලෙස සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාවට පක්ෂයේ බහුතර මන්ත්‍රීන් එකඟනොවන බවද වාර්තා වෙයි.
Source - www.dinamina.lk/2014/08/29/_art.asp