වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර
මම එදා වාද පිටියෙදි කියපු කතාව ඇත්තද බොරුද කියලා ජනතාව දැන් තීරණය කළ යුතුයි. මම කිව්වෙ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිතුමාට නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමත් එක්ක ළඟ සම්බන්ධයක් තියෙනවා කියලා. මමත් විපක්ෂයෙ ඉන්නකොට ජනාධිපතිතුමා, නාමල් මන්ත්‍රිතුමා, චමල් රාජපක්ෂ කතානායකතුමා එක්ක ළඟින්ම ඇසුරු කරන්න තිබුණා. ඒත් අපි විපක්ෂයේ දේශපාලනය හරියට කළා. ආණ්ඩුවත් එක්ක රෑට ගනුදෙනු කරන දේශපාලනයක් අපි කළේ නෑ.
උදේට රාජපක්ෂ පවුල පතුරු ගහලා රෑට ඒ කට්ටියව හොරෙන් හම්බවෙන එක අපි කළේ නෑ. ඔය රහස් වැඩ ගැන මම වාද පිටියෙදි කියපු හින්දා තමයි හරීන්ට එදා තරහ ගියෙ. විපක්ෂෙ ඉන්නවනම් හරියට ඒ කාර්යභාරය කරන්න ඕනෙ. එහෙම නැතුව ජනතාව රවට්ටලා හරියන්නෙ නෑ. බාගෙට ආණ්ඩුවෙ අයත් එක්ක සම්බන්ධකම් තියාගෙන වැඩ කරන්න බෑ.
හරීන් ගැන බොරු කියපු හින්දලු නේද දයාසිරිට බදුල්ලෙදි හාට් ඇටෑක් හැදුණෙ?
මුලින්ම කියන්න ඕනෙ මට කිසිම හාට් ඇටෑක් එකක් හැදුණෙ නෑ. මට එක දිගට වැඩ කරලා තිබුණු මහන්සියත් එක්ක ආපු තත්ත්වයක් තමයි ඒක.
අනෙක මම කිසි වෙලාවක හරීන්ට මඩ ගහලා නෑ. මට මඩ ගහන්න ඕනෙත් නෑ. හැබැයි ඇත්ත කතාව ප්‍රසිද්ධියෙ කියනවා. එතකොට ඒගොල්ලන්ට රිදෙනවා. හරීන් වයඹ ඡන්දෙට ඇවිත් කළේ මට මඩ ගහපු එක. ඒකෙ ප්‍රතිඵල ජනතාව එක්සත් ජාතික පක්ෂෙට දුන්නා.
Source - www.mawbima.lk/98-66689-news-detail.html