01 September, 2014
හරීන් ඇවිත් තේ බීලා නාමල් එක්ක කතාකරලා ගියා
එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි චාමික බුද්ධදාස
එදා නාමල් මන්ත්‍රිතුමා මගෙ ආසනේ හිටියෙ. උෟව පළාතේ පළමු රැස්වීම් මාලාව. එතුමා උෟවපරණගම මගේ ආසනයෙන් බදුල්ලේ මැතිවරණ සටන පටන් ගත්තෙ. අපේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිතුමත් එදා හිටියෙ අපේ ආසනේ. එක තැනක මිනිස්සු දහයක් පහළොවක් විතර එයාගෙ රැස්වීමට හිටියා. මගෙන් නාමල් මන්ත්‍රිතුමා ඇහුවා, කවුද මචං අද යූඇන්පී එකේ මේ රැස්වීමට එන්නෙ කියලා. මම කිව්වා හරීන් කියලා.
අපි අපේ ගෙදරට ඇවිල්ලා කෑම කාලා ඉවර වෙනකොටම හරීන්, නාමල් මන්ත්‍රිතුමාට කෝල් කළා. නාමල් මන්ත්‍රිතුමා කිව්වා එන්න කියලා. හරීනුත් ඇවිත් කෑම කන්න ලෑස්ති වෙන කොටම මීඩියාත් ආවා. එතකොට හරීන් කිව්වා, එහෙනම් මම තේ එකක් බීලා යන්නම් කියලා. ඒ අතරෙ නාමල් මන්ත්‍රිතුමා එක්ක කතා කළා. විනාඩි විස්සක්-විසි පහක් විතර හරීන් මන්ත්‍රිතුමා අපේ ගෙදර ගත කළා.
හරීන් මන්ත්‍රිතුමා නාමල් එක්ක සාමාන්‍යයෙන් සමීපව ආශ්‍රය කරනවා. නාමල් මන්ත්‍රිතුමා හැමෝම එක්ක කතා බහ කරනවනෙ.
Resource - www.mawbima.lk/98-66690-news-detail.html