Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඌව පළාත් මැතිවරණය: තැපැල් ඡන්ද මේ මස 4-5 දිනවල

02 September, 2014

 

ඌව පළාත් මැතිවරණය: තැපැල් ඡන්ද මේ මස 4-5 දිනවල

ඌව පළාත් සභා මැතිවරණයේ තැපෑලෙන් ඡන්ද සලකුණු කිරීම මේ මස 04 සහ 05 දෙදින පැවැත්වෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.

තැපැල් ඡන්ද දායකයන් තම අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහමඩ් මහතා සඳහන් කරයි.

තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරි කටයුතු සඳහා රාජ්‍ය නිලධාරින් 12500ක පිරිසක් යොදවා ඇතැයි ඒ මහතා අනාවරණය කරයි.

මෙවර තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අයදුම්කරුවන් 30,657 දෙනෙක් සුදුසුකම් ලබා ඇති බවත් බදුල්ල දිස්ත්‍රික්කයෙන් අයදුම්කරුවන් 19,985ක්ද මොනරාගල දිස්ත්‍රික්කයෙන් 10,672දෙනෙක්ද සුදුසුකම් ලබා ඇති බව හෙතෙම කියයි.

දිස්ත්‍රික් දෙකට මන්ත්‍රිවරු තිස්දෙදෙනෙක් ඡන්දයෙන් තෝරා පත්කෙරෙන බවත් දිස්ත්‍රික් දෙකේ වැඩිම මන්ත්‍රි ධුර සංඛ්‍යාවක් දිනා ගන්නා පක්ෂයට ප්‍රසාද මන්ත්‍රි ධුර දෙකක් හිමිවන බව කී හෙතෙම ඒ අනුව ඌව පළාතට මන්ත්‍රි ධුර 34 කින් සමන්විත බව කියයි.

ඌව පළාතේ මන්ත්‍රි ආසන 34 සඳහා මෙවර අපේක්ෂකයන් 617 දෙනෙක් තරඟ කරන බවද ඉන් බදුල්ල දිස්ත්‍රිකයේ මන්ත්‍රි ධුර 18 සඳහා අපේක්ෂකයන් 294 දෙනෙක්ද , මොනරාගල දිස්ත්‍රිකයේ මන්ත්‍රි ධුර 14 සඳහා අපේක්ෂකයන් 323 දෙනෙක්ද තරඟ කරන බව අවධාරණය කරයි. මේ මස 20දා පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණය සඳහා මෙවර බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඡන්ද දායකයන් 6,09,966ක් ද මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඡන්ද දායකයන් 3,32,764ක් ද ඡන්දය භාවිතා කිරීමට සුදුසු කම් ලබා ඇතැයි කී ඒ මහතා මෙවර ඌව පළාත් මැතිවරණයේදි ඡන්ද දායකයන් 9,42,730 දෙනෙක් ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා ඇතැයි ද සඳහන් කරයි.

 

Source - www.dinamina.lk/2014/09/02/_art.asp

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks