Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ආණ්‌ඩුවට එක්‌වීමට නාමල් සමග සාකච්ඡා කළ බව ඔප්පු කළොත් දේශපාලනයෙන් සමු ගන්නවා

02 September, 2014

ආණ්‌ඩුවට එක්‌වීමට නාමල් සමග සාකච්ඡා කළ බව ඔප්පු කළොත්
දේශපාලනයෙන් සමු ගන්නවා


-හරීන් ප්‍රනාන්දු කියයි

අකිත පෙරේරා

ආණ්‌ඩුවට එක්‌වීමට තමා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා කළ බව යම් අයකු ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් යෑයි එක්‌සත් ජාතික පක්‍ෂ ඌව පළාත් මහ ඇමැති අපේක්‍ෂක හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එජාප නායකත්ව මණ්‌ඩල සභාපති කරු ජයසූරිය සහ එජාප සභාපති කබීර් හෂීම් යන මහත්වරුන් දෙපස හිඳුවා ගනිමින් සිරිකොතදී ඊයේ (01 වැනිදා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කීය.

එජාපයෙන් ආරම්භ කළ සිය දේශපාලන ජීවිතය එජාපයෙන්ම හමාර කරන බවට සභාපතිවරුන් දෙදෙනා හමුවේ සපථ කරන බවද පැවසූ ඒ මහතා තමාට එරෙහිව දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරන එක්‌තරා පුවත්පතක්‌ විසින් තමන් නාමල් මන්ත්‍රීවරයා හමුවූ සිදුවීම විකෘති කොට පළ කර ඇතැයි ද කියා සිටියේය.

නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා සමග තමා එදින සුහද හමුවක නිරත වූවා පමණක්‌ බවත් එය හොර රහසේ සිදුවූවක්‌ නොවන අතර ආණ්‌ඩුවට එක්‌වීමට කිසිදු අවශ්‍යතාවක්‌ නැති බවත් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

එවැනි කතාබහක්‌ නොවූ බවට නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා ද සාක්‍ෂි දරනු ඇතැයි කී හෙතෙම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්‌වී ඌව පළාත් මැතිවරණයට තරග කරන තමන්ට එවැනි කතා ගෙතීම බොළඳ ප්‍රචාරයක්‌ පමණක්‌ බවද කීය.

තමන් ආණ්‌ඩුවට එක්‌වීමට නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කළ බව ඉදිරි දින කිහිපයකදී යම් පුද්ගලයකු ඔප්පු කොට පෙන්වුවහොත් ඌව මැතිවරණයට පෙරම දේශපාලනයෙන් ඉවත්වන බව හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

 

Source - www.divaina.com/2014/09/02/news04.html

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks