රාජ්‍ය සේවක 16,000 ක් ඌවේ
ඡන්ද වැඩට කැඳවීමේ සූදානමක්
නිරීක්‍ෂණ කණ්‌ඩායම් මැ.කො. ට පැමිණිලි කරති
රනිල් ධර්මසේන
ආර්ථික සංගණනයකට බව කියමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමට රාජ්‍ය සේවකයන් 16,000 ක් දෙනා ඌව පළාතට කැඳවීමට රජය සූදානම් වන බවට මැතිවරණ නිරීක්‍ෂණ කණ්‌ඩායම් මැතිවරණ කොමසාරිස්‌වරයාට පැමිණිලි කර ඇත.
මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදවීම සඳහා මෙම රාජ්‍ය සේවකයන් ඌව පළාතට කැඳවීමට නියමිතව ඇත්තේ මෙම සති අන්තයේදී බවද එම පැමිණිල්ලේ සඳහන් ය.
මේ සඳහා මෑතකදී පත්වීම් ලැබූ ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි කළමනාකරුවන්, සංවර්ධන නිලධාරීන් හා කෘෂි පර්යේෂණ නිලධාරීන් කැඳවා ඇති බවත් පැමිණිලි කර ඇත.
එක් දිස්‌ත්‍රික්‌කයකින් නිලධාරීන් දහසක් පමණ ඇතුළත් වන පරිදි නිලධාරීන් කැඳවීමට සූදානම් කර ඇතැයි ද මේ පිළිබඳ මූලික සාකච්ඡා වට දිස්‌ත්‍රික් ලේකම්වරුන්ගේ කැඳවීම මත අදාළ රාජ්‍ය ආයතනයේදී ඉකුත් දිනවල දිස්‌ත්‍රික්‌ක කිහිපයකම පවත්වා තිබෙන බවද පැවසේ.
සියලු නිලධාරීන් ලබන 6, 7 හා 8 යන දින 03 ක් පුරා මොනරාගල හා බදුල්ල දිස්‌ත්‍රික්‌ක දෙකෙහි ගෙන් ගෙට යැමට නියමිත බවත් එම දින තුනේදීම එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂකයන් ද ගෙන්ගෙට යැමේ වැඩසටහන ක්‍රියාත්මක වන නිසා සම්පූර්ණයෙන්ම එම දේශපාලන වැඩසටහනට රජයේ සේවකයන් යෙදවීම වැළැක්‌විය නොහැකි බවද එම සංවිධාන පවසති.
රාජ්‍ය සේවකයන් කැඳවා ඇත්තේ රජයේ නිලධාරීන් නිසාත්, අදාළ සාකච්ඡා පවත්වා ඇත්තේ රාජ්‍ය ආයතනවලදී නිසාත් මෙම නිලධාරීන් එම දින තුනේදී දේශපාලන කටයුතුවලට යොදා ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව පැµරල් සංවිධානය පවසයි.
රටේ පරිපාලන දිස්‌ත්‍රික්‌ක 25 ක් තිබියදී හදිසියේ මෙම දිස්‌ත්‍රික්‌ක 12 ක පමණක් ආර්ථික සංගණනයට තෝරා ගැනීම ගැටලුවක් බවත් එම නිසා මැතිවරණය අවසන් වීමෙන් පසුව අදාළ සංගණනය කිරීමට එම අංශවලට උපදෙස් දෙන ලෙසත්a පැµරල් සංවිධානය කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලා ඇත.
Source - www.divaina.com/2014/09/02/news05.html