Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මම ඡන්දයට පෙර දේශපාලනයට සමුදෙනවා

02 September, 2014

මම ඡන්දයට පෙර දේශපාලනයට සමුදෙනවා 

 

මා ආණ්ඩුවට එක්වන බවට පවතින රාවය සම්පූර්ණයෙන් අසත්‍යයක්. නාමල් රාජපක්ෂ මහතා සමග එවැනි රහසිගත සාකච්ඡාවකට මා සහභාගි වුණේ නැහැ. කිසියම් අයෙකු එය සත්‍යයක් බවට ඔප්පු කළහොත් මා ඡන්දයට පෙර දේශපාලනයන් ඉවත්වෙනවා. යැයි ඌව මහ ඇමැති තරගයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඒ මහතා ඒ බැව් පැවැසුවේ ඊයේ (1) දින පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය හා පක්ෂ සභාපති කබිර් හෂීම් මහතාද සහභාගි වී සිටියහ.
එහිදී තම අදහස් පළ කළ හරින් ප්‍රනාන්දු මහතා පසුගියදා මහ මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටි අවස්ථාවේදී මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද එම ප්‍රදේශයේ ජනහමු කිහිපයකට සහභාගි වී සිටිනු දුටුවා.
එම රැස්වීම්වල ජනතාව අඩු බවක්් දුටු නිසා මගේ ජංගම දුරකථනයෙන් නාමල් රාජක්ෂ මහතාගෙන් එතුමාගේ වැඩකටයුතු පිළිබඳව විමසුවා.එසේ කළේ එතුමා මා දන්නා හඳුනන මිතුරකු ලෙසටයි. මා වෛර දේශපාලනය කරන කෙනෙක් නොවේ.නාමල් රාජපක්ෂ මහතා එහිදී මට කීවේ චාමික බුද්ධදාස මහතාගේ නිවසට යන ගමන් එන්න කියායි. ඒ අනුව මා එහි ගිය විට මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද පැමිණ සිටියා.මා සමග අපේ පාක්ෂිකයන් කණ්ඩායමක්ද සිටියා. නාමල් රාජපක්ෂ මහතාගේ කණ්ඩායමක් දෙපක්ෂයේම අය සිටියා.එහිදී නාමල් රාජපක්ෂ මහතා සමග මා තනිවම හොර රහසේ කාමරවල සාකච්ඡා කළේ නැහැ. එතුමා ඒ වගේ යෝජනාවක් මට කළෙත් නැහැ.
අප හිතවතුන් ලෙස වර්තමාන තත්ත්වය ගැන කතා කළා. ඉන් පසුව අප සුහදව සමුගෙන පිටත්ව ගියා.මෙය එක්තරා පිරිසකගේ අසත්‍ය මඩ ව්‍යාපාරයක්. මා ඒ අය ගැන දන්නවා යැයිද ඔහු පැවැසීය.එහිදී තවදුරටත් කරුණු අනාවරණය කළ හරින් ප්‍රනාන්දු මහතා,
මම සන්ධානයේ මහ ඇමැති අපේක්ෂක ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාට අභියෝග කරනවා. මා සමග විවෘත සංවාදයකට එන්න කියා.මෙම මාධ්‍ය සාකච්ඡාවේදී හරින් ප්‍රනාන්දු මහතා දෙපැත්තෙන් කරු ජයසූරිය මහතා සහ සභාපති කබිර් හෂීම් මහතාද වාඩිගෙන සිටියහ.එහිදී හරීන් ප්‍රනාන්දු මහතා පැවැසුයේ මා කවදාවත් එක්සත් ජාතික පක්ෂය හැර යන්නේ නැහැ. මගේ දේශපාලන ගමනේ අවසානය දක්වාම මා එක්සත් ජාතික පක්ෂය සමගයි. මම අද මේ ප්‍රකාශය කරන්නේ එ.ජා.ප.යේ නායක දෙපළ දෙපැත්තෙන් තබාගෙනයි යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

 

Resource - www.lakbima.lk/index.php

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks