Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මොනරාගල ප්‍රචණ්‌ඩ වැඩ වැඩිවේ

04 September, 2014

මොනරාගල ප්‍රචණ්‌ඩ වැඩ වැඩිවේ

 

බදුල්ල දිස්‌ත්‍රික්‌කයට සාපේක්‍ෂව මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය දැඩිලෙස වර්ධනය වී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.

                           


පක්‍ෂ කාර්යාලවලට හානි කිරීමේ පැමිණිලි 41 න් 40 ක්‌ම මොනරාගල දිස්‌ත්‍රික්‌කයෙන් පමණක්‌ වාර්තාවීම විශේෂත්වයක්‌ බව එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා ඊයේ (3දා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

ජනතා විමුක්‌ති පෙරමුණේ කාර්යාල 20 ක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයේ කාර්යාල 19 ක්‌ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ හා ස්‌වාධීන කණ්‌ඩායමක එක්‌ කාර්යාලයක්‌ බැගින් හානිකිරීම් පිළිබඳ පැමිණිලි ලැබී ඇතැයිද හෙතෙම කීය.

එමෙන්ම ඊයේ (03 වැනිදා) දිනය වනවිට නීති විරෝධී ප්‍රචාරණ කටයුතු හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 120 ක්‌ ලැබී ඇති බවත් ඉන් 73 ක්‌ මොනරාගල දිස්‌ත්‍රික්‌කයෙන් බවත් කී ඒ මහතා නීති විරෝධී පක්‍ෂ කාර්යාල පිහිටුවීම් පිළිබඳ පැමිණිලි 34 ක්‌ ඒ අතර වන බවද කියා සිටියේය.

පහරදීම් පිළිබඳ පැමිණිලි 05 ක්‌ බදුල්ලෙන් වාර්තා වී තිබේ. අපේක්‍ෂකයන්ගේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගෘහ භාණ්‌ඩ, කෘෂි උපකරණ, වතුර මෝටර්, සෙවිලිතහඩු ඇතුළු භාණ්‌ඩ බෙදාදීම් රැසක්‌ තවමත් සිදුවන බවද හෙතෙම කියා සිටියේය.

පොලිසිය බදුල්ලේ මැතිවරණ නීති ආරක්‍ෂා කිරීමට යම්තාක්‌ දුරට කටයුතුකර ඇතත් මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ නිසි අයුරින් ආරක්‍ෂක කටයුතු සිදුනොවන බවත් මැතිවරණයෙන් පසුව පළිගැනීම්වලට ලක්‌වනු ඇතැයි බියෙන් දැන් තමන් ආරක්‍ෂා වෙමින් නීතිය ආරක්‍ෂා කිරීමේ ක්‍රමවේදයක්‌ සමහර පොලිස්‌ නිලධාරීන් ක්‍රියාත්මක කර ඇතැයි කීය.

 

Source - www.divaina.com/2014/09/04/news02.html

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks