Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඌව තැපැල් ඡන්ද විමසීම අද ඇරඹේ

04 September, 2014

ඌව තැපැල් ඡන්ද විමසීම අද ඇරඹේ



ඌව පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (4 වැනිදා) රාජ්‍ය ආයතන රැසකදී ආරම්භ වෙයි.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයන් 30657 දෙනෙක්‌ සුදුසුකම් ලබා තිබේ. ඉන් 19985 දෙනෙක්‌ බදුල්ල දිස්‌ත්‍රික්‌කය වෙනුවෙන්ද, 10672 දෙනෙක්‌ මොනරාගල දිස්‌ත්‍රික්‌කය වෙනුවෙන්ද ඡන්දය පාවිච්චි කරති.

තැපැල් ඡන්ද මධ්‍යස්‌ථානවල කටයුතු නිරීක්‍ෂණය සඳහා කොළඹින් විශේෂ නිලධාරීන් පිටත්කර ඇති අතර ඔවුන් අද සිට සිය රාජකාරි ආරම්භ කරනු ඇත.

කිසිදු ඡන්ද මධ්‍යස්‌ථානයකදී අපේක්‍ෂකයන්ගේ හෝ තරග කරන දේශපාලන පක්‍ෂවල ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීම, අත්පත්‍රිකා බෙදීම, බලපෑම් කිරීම සපුරා තහනම් බවත් මධ්‍යස්‌ථානය අවට ප්‍රචාරක කටයුතු සිදුකිරීම ද තහනම් බවත් මැතිවරණ කොමසාරිස්‌වරයා අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

අද දිනයේ තැපැල් ඡන්ද පාවිච්චි කිරීමට නොහැකි වන අයට හෙට (5 වැනිදා) දිනයේත් ඒ සඳහා ඉඩකඩ ලැබෙන බවත් එසේත් නොහැකි වූ අයට 11 වැනිදා ඡන්ද ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇති බවත් මැතිවරණ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

Source - www.divaina.com/2014/09/04/news11.html

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks