Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඌව තැපැල් ඡන්දයට බාධා එපා - පොලිස් මූලස්ථානය

04 September, 2014

ඌව තැපැල් ඡන්දයට බාධා එපා - පොලිස් මූලස්ථානය

ඌව පළාත් සභා මැතිවරණයට අදාළව අද (04දා) සහ හෙට (05දා) දිනයේදී පැවැත්වෙන තැපැල් ඡන්ද විමසීමේ කටයුතුවලට බාධා වන අයුරින් කටයුතු කළහොත් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සිදුවන ස්ථානවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා තිබෙන බවත්, මීට අමතරව ප්‍රදේශයේ ආරක්ෂාවට පැය 245 පුරාම ජංගම මුර සංචාර සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
 
මීට අමතරව යම් කලබලකාරී තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා කැරලි මර්දන ඒකක සූදානම් කර තිබෙන බවද, අවශ්‍ය වුවහොත් අතිරේක පොලිස් බලඇණි යෙදවීමට කටයුතු කරන බවත් හෙතෙම පවසා සිටියේය.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks